විම්බල්ඩන් ටෙනිස් තරගාවලියේ කේවල පිරිමි ශුරතාවය අඛණ්ඩව දෙවන වරටත් දිනාගැනීමට ලොව අංක එකේ ටෙනිස් ක්‍රීඩක යානික් සිනර් සමත් වී තිබෙනවා.

ඒ ජර්මනියේ ඇලෙක්සැන්ඩර් ස්වේරෙව් පරාජයට පත්කරමින්.

ඊයේ පැවති අවසන් තරගයේදී යානික් විසින් ස්වේරෙව් 6ට 7ක්, 7ට 6, 6ට 3ක් සහ 6ට 4ක් ලෙස පරාජයට පත් කළා.

ඔහු පසුගිය වසරේ පැවති තරගයේ දී ද මෙම ශුරතාව දිනා ගනු ලැබුවා.

ඒ, වසර 148ක ඉතිහාසයේ විම්බල්ඩන් ශුරතාවය දිනා ගත් පළමු ඉතාලි ක්‍රීඩකයා බවට පත් වෙමින්.