අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ජපානය බලා පිටත්ව ගොස් තිබෙනවා.

ඒ, සිය ආසියානු සංචාරයේ පළමු අදියර ලෙස මැලේසියානු සංචාරය නිම කරමින්.

ටෝකියෝ වෙත අද දිනයේ ළඟා වන අමෙරිකානු ජනාධිපතිවරයා එහිදී ජපානයේ නර්හිතෝ අධිරාජ්‍යයා හමුවීමට නියමිත බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඒ, ටෝකියෝ නුවර එම්පීරියල් මන්දිරයේදීයි.

ජපාන අධිරාජයා සහ ඩොනල්ඩ් ට්‍රම්ප් අතර හමුවක් මීට පෙර සිදුව ඇත්තේ වසර 06කට පෙරයි.

ඒ අනුව ඔවුන් දෙපළ මීට පෙර හමුවී ඇත්තේ අමෙරිකානු ජනාධිපතිවරයාගේ පළමු ධුර කාලය තුළදී බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මේ අතර, මැලේසියාව වෙත පසුගිය සති අන්තයේ පැමිණි ට්‍රම්ප් තායිලන්තය සහ කාම්බෝජය අතර සාම ගිවිසුමකටද අත්සන් තබා තිබෙනවා.

එමෙන්ම මැලේසියාව සමග වෙළඳ ගිවිසුමකටද අත්සන් තබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඒ අනුව එහි පැවති 47 වන ආසියානු නායක සමුළුවටද අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහභාගී වී තිබෙනවා.