මුහුදේ පාවෙමින් තිබූ තවත් මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් සොයාගෙන තිබෙනවා. ඒ, කළුතර - දකුණ, කටුකුරුන්ද වෙරළට ආසන්න මුහුදු තීරයේදීයි. ලද තොරතුරක් මත මත්ද්‍රව්‍ය බවට සැක කෙරෙන පාර්සල් 10ක් සොයාගෙන තිබෙනවා. ඒවා පරික්ෂා කිරීමේදී ඒ තුළ තිබී “හෑෂ්” මත්ද්‍රව්‍ය සොයාගත් බවයි පොලිසිය සඳහන් කළේ. එහි තිබී සොයාගෙන ඇති සම්පූර්ණ මත්ද්‍රව්‍ය ප්‍රමාණය කිලෝ 11යි ග්‍රෑම් 759ක්. මෙම මත්ද්‍රව්‍ය තොගයේ හිමිකරුවන් සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු තොරතුරක් අනාවරණ වී නැහැ.