කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් තද සුළං පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ, හෙට උදෑසන 08යි 30 වන තෙක් වලංගු වන පරිදියි. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, උතුරු, උතුරු-මැද, වයඹ පළාත්, සහ ත්‍රිකුණාමලය සහ මඩකලපුව දිස්ත්‍රික්ක සඳහා මෙම නිවේදනය බලපැවැත්වෙන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ.
ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින පීඩන අවපාතය හේතුවෙන්, බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, උතුරු, උතුරු- මැද සහ වයඹ පළාත්වලත්, ත්‍රිකුණාමලය සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැයට කිලෝ මීටර් 50ත් 60ත් පමණ තද සුළං ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසුවේ.
මේ අතර පවතින කාලගුණ තත්ත්වය සම්බන්ධයෙන් කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ මලිත් ප්‍රනාන්දු මහතා මෙලෙස අදහස් පළ කළා.
දිවයින වටා වන මුහුදු ප්‍රදේශයේ කාලගුණ තත්ත්වය සම්බන්ධයෙන්ද ඔහු කරුණු දැක්වුවා.
මේ අතර, පසුගිය දින කිහිපය තුළ පැවති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 18කට බලපෑම් එල්ල වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.
ඉන් පවුල් 7,395කට අයත් පුද්ගලයින් 29,414 දෙනෙකු පීඩාවට පත්ව සිටින බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසුවේ.
කාලගුණය සම්බන්ධයෙන් නිකුත් කර ඇති අනතුරු ඇඟවීමේ නිවේදන තවදුරටත් දීර්ඝ කර ඇති බවද ඔහු වැඩිදුරටත් පැවසුවා.
දිස්ත්‍රික්ක 11කට නිකුත් කර ඇති නායයෑම් අනතුරු ඇගවීමේ නිවේදනද තවදුරටත් දීර්ඝ කර ඇති බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ පැවසුවා.




