සැමියා සහ පුත්‍රයා මත්ද්‍රව්‍ය චෝදනාවට ලක්වූ සිදුවීමට අදාල ජාතික ජන බලවේගයේ පෑලියගොඩ නගර සභාවේ මන්ත්‍රී දිස්නා නිරන්ජලා කුමාරි මහත්මිය එම ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා. ඇය විසින් සිය ඉල්ලා අස්වීමේ ලිපිය ගම්පහ දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීවරයා වෙත මේ වන විටත් යොමුකිරීමට කටයුතු කර ඇති අතර එහි පිටපතක් ජාතික ජන බලවේගයේ ප්‍රධාන ලේකම්වරයාට යොමු කර ඇති බවයි ජාතික ජනබලවේගයේ මාධ්‍ය අංශය සදහන් කළේ.
ජාතික ජන බලවේග ආණ්ඩුව රටෙහි මත්ද්‍රව්‍ය උවදුර මැඩ පැවැත්වීම සඳහා සම්පූර්ණ අවධානය යොමු කර ඇති මෙවැනි මොහොතක ඇතිවූ මෙම සිදුවීම සම්බන්ධව ඇය පුද්ගලිකව දැඩි කම්පනයකට ලක් වී ඇති බවත් නීතිමය කටයුතු සඳහා සහය දීමක් ලෙස ඇය සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බවත් ජාතික ජනබලවේගයේ මාධ්‍ය අංශය සදහන් කළා. රටෙහි යහපත් දේශපාලන සංස්කෘතියක් ඇති කිරීමට මාලිමාව ගෙන යන වැඩපිලිවෙලට සහයක් ලෙසටද සලකා ඇය එම තීරණය ගෙන ඇති බවයි අදාළ නිවේදනයේ සදහන් වන්නේ.




