22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සහ අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පතට විරෝධය පළ කරමින් සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරු කළු ඇඳුමින් සැරසී අද පාර්ලිමේන්තුවට පැමිණ සිටිනවා.

22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත දෙවනවර කියවීමේ විවාදයේ ඡන්ද විමසීමක් අද පස්වරුවේ පැවැත්වීමට නියමිතයි.

එම පනත් කෙටුම්පත සඳහා විරෝධය පළ කරමින් සමගි ජන බලවේගය ඊයේ දින “ප්‍රජාතන්ත්‍රවාදය වනසන 22 එපා” යන තේමාව යටතේ බත්තරමුල්ල, පොල්දූව මංසන්දියේදී විරෝධතාවක් ද පැවැත්වුවා.