Published
පකිස්තානයේ කයිර්පූර් සිවිල් රෝහලේ වාට්ටුවක සිවිලිමේ කොටසක් කඩා වැටී රෝගීන් තිදෙනෙකුට තුවාල සිදුවිය.
අනතුරත් සමග වාට්ටුවේ සිටි රෝගීන් සහ ඔවුන්ගේ සහායකයින් ආරක්ෂිත ස්ථාන කරා දිව ගිය බව ද වාර්තා වේ.
තුවාල ලැබූ රෝගීන්ට ප්රතිකාර ලබා දී ඇති අතර අනෙක් සියලුම රෝගීන් සහ ඇතුළත සිටි අනෙක් පුද්ගලයින් ඉන් ඉවත් කර වෙනත් වාට්ටුවකට යොමු කර තිබේ.
2022 වසරේ ඇතිවූ ධාරානිපාත වර්ෂාපතනයකදී වාට්ටුවේ වහලයෙන් සියයට 50කට බලපෑම් එල්ල වී ඇති බවට ඇස්තමේන්තු කර ඇති බව රෝහලේ පාලනාධිකාරිය පවසා ඇත.
ඔවුන් චෝදනා කරන්නේ ගංවතුරෙන් අනතුරුව වාට්ටුව නිසි පරිදි ප්රතිසංස්කරණය කිරීම සඳහා බලධාරීන් පියවර ගෙන නොමැති බවයි.