Published
මෙම වසරේ ගතවූ කාලසීමාව තුළ වෙඩිතැබීම් 68ක් සිදුව ඇති බවත් එම වෙඩිතැබීම්වලින් පුදගලයින් 37 දෙනෙකු මිය ගොස් ඇති බවත් පොලීසිය පවසනවා.
එම වෙඩි තැබීම් 68න් 50ක් සංවිධානාත්මක අපරාධකරුවන් හා සම්බන්ධ වෙඩිතැබීම් බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ අද පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ් යූ වුට්ලර් මහතා පැවසුවේ.
එම වෙඩිතැබීම්වලට සම්බන්ධ වෙඩික්කරුවන් 24 දෙනෙක් සහ පැදිකරුවන් 15 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මෙම මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළේ.
මේ අතර සංවිධානාත්මක අපරාධකරුවන් ලෙස හැඳින්වෙන කෙහෙල්බද්දර පද්මේ සහ කමාන්ඩො සලින්ත මැලේසියාවේදී අත්අඩංගුවට ගත් බවට නිල වාර්තාවක් ලැබී නොමැති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මෙම මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් සඳහන් කළා.