ගල්කිස්ස, රජමාවත, පලවන පටුමග හා දෙවනි පටුමග අතර ඇති ළමා උද්‍යානය අසල දී සිදුකළ වැටලිමකදී මත්ද්‍රව්‍ය සන්තකව සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, පොලිස් විශේෂ කාර්ය බලකායේ මොරටුව කදවුරේ නිලධාරීන් කණ්ඩායමක් සිදුකළ වැටලිමකදීයි.

එහිදි සැකකරු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 305යි මිලි ග්‍රෑම් 180 ක් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 101යි මිලි ග්‍රෑම් 270 ක් සොයාගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු වැඩිදුර විමර්ශන සඳහා ගල්කිස්ස පොලිස් ස්ථානය වෙත භාර දී තිබෙනවා.

ඔහු සිංහාරගේ අමල් ශාමින්ද සිල්වා නොහොත් කුඩු අංජු නැමැත්තාගේ මෙරට තුල මත් ද්‍රව්‍ය බෙදා හැරිම සහ මහා පරිමාණයෙන් මත්ද්‍රව්‍ය ගබඩා කර තබන පුද්ගලයෙකු බවට එහිදී අනාවරණ වූ බවයි පොලීසිය පැවසුවේ.