Published
දකුණු කොරියාවේ, ඉතාලියේ හා නවසීලන්තයේ ඇතුළු විදෙස් රටවල් කිහිපයක රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචාකළ කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, ශ්රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිළධාරීන් කණ්ඩායමක් ගම්පහ ප්රදේශයේ සිදුකළ වැටලීමකදීයි. සැකකාර කාන්තාව විදෙස් රැකියා ලබාදෙන පවසා දිවයිනේ විවිධ ප්රදේශවල පිරිමි පුද්ගලයන්ගෙන් රුපියල් ලක්ෂ 50ක පමණ මුදලක් ලබාගෙන තිබෙනවා. ඒ සම්බන්ධයෙන් සිය කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශය වෙත පැමිණිලි 8ක් ලැබී තිබූ බවයි ශ්රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පැවසුවේ. පන්නිපිටිය ප්රදේශයේ පදිංචි සැකකාර කාන්තාව හෙට දිනයේ හෝමාගම මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.




