රක්‍ෂිත බන්ධනාගාරගත කළ මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් කමල් අමරසිංහ මහතා කුරුණෑගල, පිලැස්ස මහේස්ත්‍රාත් අධිකරණය වෙත අද ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

කැබ් රථයක චැසි අංකය සංශෝධනය කර එය ව්‍යාජ ලියාපදිංචියක් සඳහා ආධාර අනුබල දීමේ චෝදනාවක් මත ඔහු පසුගියදා අත්අඩංගුවට ගැණුනා.

ඒ, අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් විසින්.

ඒ අනුව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අද දිනය දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි නියෝග කළේ.

බන්ධනාගාර නිලධාරීන් භාරයට පත් කළ ඔහු දුම්බර බන්ධනාගාරයේ රදවනු ලැබුවා.