තණමල්විල, කහකුරුලම්පැලැස්ස, උණකන්ද ප්‍රදේශයේදී නිදන් සොයා කැණීම් කරමින් සිටි සැකකරුවන් දෙදෙදෙනකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, තණමල්විල මූලස්ථාන පොලිස් ස්ථානයේ නිලධාරීන් සහ සූරියවැව පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන් එක්ව සිදු කළ වැටලීමකදීයි.

සැකකරුවන් විසින් නිදන් සෙවීම සඳහා විශාල කලු‍ ගලක් අඩි 37ක් ගැඹුරට හරා ඇති බවයි පොලීසිය පැවසුවේ.

කැණීම් සඳහා යොදාගත් නවීන තාක්ෂණික උපකරණ රැසක් ද පොලිස් නිලධාරීන් විසින් සිය භාරයට ගෙන තිබෙනවා.

සැකකරුවන් වයස අවුරුදු 26 සහ 32 යන වයස්වල පසුවන පල්ලෙබැද්ද සහ බදුල්ල ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි පොලීසිය පැවසුවේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

සිද්ධිය සම්බන්ධයෙන් තණමල්විල මූලස්ථාන පොලිස් ස්ථානය මගින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.