මෙරට රත්‍රං මිල රුපියල් 20,000කින් පහළ ගොස් ඇතැයි වාර්තා වනවා.

ඊයේ දිනට සාපේක්ෂව අද පෙරවරුවේ කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි “කැරට් 22” රන් පවුමක මිල රුපියල් තුන් ලක්ෂ 60,800ක් දක්වා එලෙස පහළ ගොස් ඇති බවයි කොළඹ හෙට්ටිවීදිය රත්‍රං වෙළෙඳපොළ ආරංචි මාර්ග පැවසුවේ.

මේ අතර, “කැරට් 24” රන් පවුමක මිල අද පෙරවරුවේ රුපියල් තුන් ලක්ෂ 90,000ක් දක්වා පහළ ගොස් ඇති බව වාර්තා වුණා.

“කැරට් 22” රන් පවුමක මිල රුපියල් තුන් ලක්ෂ 79,200ක් සහ “කැරට් 24” රන් පවුමක මිල රුපියල් හාර ලක්ෂ 10,000ක් ලෙස ඊයේ දිනයේ දැක්වුණා.