ඉරාන ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියෑන් ලබන සතියේදී රුසියාවේ මොස්කව් නුවර නිල සංචාරයක නිරත වීමට නියමිතව තිබෙනවා.

රුසියාවේ ඉරාන තානාපති කාසෙම් ජලාල් තහවුරු කර ඇත්තේ, ඔක්තෝබර් 27 වන අඟහරුවාදා මොස්කව්හිදී පැවැත්වෙන ගෑස් අපනයනය කරන රටවල සංසදයේ රාජ්‍ය නායක සමුළුවට සහභාගී වීම සඳහා ඉරාන ජනාධිපතිවරයා එලෙස රුසියාවට පැමිණෙන බවයි.

මෙම සංචාරය අතරතුරදී ඉරාන ජනාධිපතිවරයා සහ රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් අතර විශේෂ හමුවක් පැවැත්වීමටද කටයුතු යොදා ඇති බව තානාපතිවරයා වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.