Published
මිද්දෙණිය, තෝරකොළයාය ප්‍රදේශයේදී පිස්තෝල වර්ගයේ ගිනි අවියකින් වෙඩි තබා ඝාතනය කළ බවට සැක කෙරෙන තරුණයින් දෙදෙනෙකුගේ සිරුරු සොයාගෙන තිබෙනවා.
එලෙස ඝාතනය වී ඇත්තේ අවුරුදු 25ත් – 30ක් අතර වයස්වල පසුවන තරුණයින් දෙදෙනෙකු බවයි පොලීසිය සඳහන් කළේ.
මෙම වෙඩි තැබීම සිදුව ඇත්තේ අද උදෑසනයි.
සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට විශේෂ පරීක්ෂණ කණ්ඩායම් තුනක් මිද්දෙණිය පොලීසිය සමග එක්ව පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.
වෙඩිතැබීම කුමන හේතුවක් මත කවුරුන් විසින් සිදුකර ඇත්ද යන්න මෙතෙක් අනාවරණය වී නැහැ.