සංචාරක පකිස්තාන කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවති පළමු විස්සයි විස්ස තරගයෙන් කඩුළු 6 ක ජයක් අත්කර ගැනීමට පකිස්තාන කණ්ඩායම ඊයේ රාත්‍රියේ සමත් වුණා.

මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 19යි පන්දු දෙකකදී සියලු දෙනා දැවී ලබාගත හැකිවුයේ ලකුණු 128 ක් පමණයි.

ජනිත් ලියනගේ පන්දු 31කදී ලකුණු 40 ක් රැස් කළා.

සෙසු කිසිදු ශ්‍රී ලංකා පිතිකරුවෙකුට ලකුණු විස්සේ සීමාව පසුකර යාමට පකිස්තාන පන්දු යවන්නන් ඉඩ ලබාදුන්නේ නැහැ.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පකිස්තාන කණ්ඩායම පන්දුවාර 16යි පන්දුර 4 කදි කඩුළු 4ක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසුකර ගියා.

ශහිබ්සදා ෆර්හාන් පන්දු 36කදී ලකුණු 51 ක් රැස් කරමින් පකිස්තානයට ජයග්‍රාහි මාවත විවර කළා.

දෙරට අතර දෙවන විස්සයි විස්ස තරගය හෙට රංගිරි දඹුළු ක්‍රීඩාංගණයේදි පැවැත්වීමට නියමිතයි.