2025-2026 වෙනුවෙන් පැවැත්වෙන ශ්‍රී පාද වන්දනා සමය ලබන 31 වනදා එනම් වෙසක් පොහෝ දිනට පසු දිනෙන් අවසන් කරන බව ශ්‍රි පාදස්ථානාධිපති පූජ්‍ය බෙන්ගමුවේ ශ්‍රි ධම්මදින්න නා හිමියන් පවසනවා.
මෙවර ශ්‍රී පාද වන්දනා වාරය අවසන් කිරිම සම්බන්ධයෙන් රාජ්‍ය සහ පෞද්ගලික ආයතන නිලධාරීන් දැනුවත් කිරිම සදහා නුවරඑලිය දිස්ත්‍රික් ලේකම් තුෂාරි තෙන්නකෝත් මහත්මියගේ ප්‍රධානත්වයෙන් නල්ලතන්නිය ග්‍රාමසේවා කාර්යාලයේ පැවති රැස්වීමකදී උන්වහන්සේ මේ බව කියා සිටියා.
වෙසක් පොහෝදා ශ්‍රී පාද උඩ මළුවේ පෝදා ආගමික වැඩසටහහන් ගණනාවක් පැවත්වෙනවා. ඊට පසු දින දින ශ්‍රී පාද උඩ මළුවේ පැවැත්වෙන උදෑසන පූජාවෙන් අනතුරුව ශ්‍රී පාද උඩ මළුවවේ තැන්පත් කර ඇති සධාතුක කරඩුව, සමන් දේව ප්‍රතිමාවන්වලින් කොටසක් රත්නපුර - පලාබද්දර මාර්ගයේ සහ කුරුවිට - එරත්න මාර්ගයේ පෙරහැරකින් පැල්මඩුල්ල ශ්‍රී පාද රජමහා විහාරස්ථානය කරා වැඩම කිරීමට නියමිතයි.
ශ්‍රී පාද උඩමළුවවේ දහවල් පැවැත්වෙන බුද්ධ පුජාවෙන් අනතුරුව තවත් පෙරහැරක් නල්ලතන්නිය දක්වා වැඩම කර එදින පස්වරුවේ නල්ලතන්නිය, බගවන්තලාව, බලංගොඩ මාර්ගය ඔස්සේ නල්ලතන්නිය, ලක්ෂපාන අවිස්සාවේල්ල, රත්නපුර හරහා පැල්මඩුල්ල රජමහා විහාරස්ථානයද දක්වා තවත් පෙරහැර දෙකක් ගමන් කෙරෙනවා.
මාර්ග 4ක් ඔස්සේ වැඩම කරන ලද ශ්‍රීපාද උඩ මළුවේ තැන්පත් කර තිබූ සධාතුක කරඩුව, සමන් දේව ප්රතිමාවන් සහ ආභරණ එදින රාත්‍රීයේ සිට (31) පසුදින දහවල් දක්වා පැල්මඩුල්ල ශ්‍රී පාද රජමහා විහාරස්ථානයේ තැන්පත් කර, එහි ආගමික වතාවන් ගණනාවක් සහ දේව පූජාවන් ගණනාවක් පවත්වා, ගල්පොත්තාවල ශ්‍රී පාද රජමහා විහාරස්ථානය දක්වා වැඩම කල ශ්‍රීපාද උඩ මළුවේ තැන්පත් කර තිබු සධාතුක කරඩුව, සමන් දේව ප්‍රතිමාව පෙරහැරකින් වඩම්මවා ශ්‍රි පාද අවාරය අවසන් වන තෙක් එහි තැන්පත් පත් කර තැබෙන බවයි උන්වහන්සේ පැවසුවේ.



