සෑම වසරකම ජූලි මස පළමු වනදා යනු වාර්ෂික බස් ගාස්තුව ක්‍රියාත්මක වන දිනයයි.

එහෙත් මෙවර එය ජූලි 04 වනදාට කල් ගියා. ඒ, මාසික ඉන්ධන මිල සංශෝධනයේ බලපෑම හේතුවෙන්.

සියයට දෙකයි දශම පහකින් බස් ගාස්තු අඩුවන බවට මීට පෙර ප්‍රකාශ කර තිබුණ ද දැන් බස් ගාස්තු අඩු වන්නේ සියයට බින්දුවයි දශම පහයි පහකින්.

ඒ අනුව රුපියලේ සිට උපරිම රුපියල් 11 දක්වා පමණක් බස් ගාස්තු අඩු වීම සිදු වනවා.

දැන් ප්‍රශ්නය, මේ අඩුවන බස් ගාස්තුව මගියාට ලැබෙනවා ද යන්න පිළිබඳවයි.

නෙත් නිවුස් ඒ සම්බන්ධයෙන් ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතාගෙන් විමසීමක් කළා.

මේ සමගම බස් සම්බන්ධයෙන් තවත් කතාවක් මතු වී තිබෙනවා.

ඒ, රියදුරන්ගේ ආසන පටි පැළඳීමේ නීතියයි.

මේ, අන්තර් පළාත් පෞද්ගලික බස් සංගමයේ සභාපති සරත් විජිත කුමාර මහතා.

බස් කර්මාන්තය තුළ දැඩි කතාබහක් මතු කර ඇති ආසන පටි පැලඳීම ගැන නෙත් නිවුස් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් කමල් අමරසිංහ මහතාගෙන් ප්‍රශ්න කළා.

වාහනවල ආසන පටි පැලඳීමේ නීතිය 2011 වසරේ සිට ක්‍රියාත්මක බවත් එය අලුතින් පැනවූ නීතියක් නොවන බවත් ඔහු එහිදී පැවසුවා.