ඓතිහාසික දෙව්නිමෝරි පුදබිමෙන් සොයාගැණුනු බුදුන්වහන්සේගේ සර්වඥ ධාතූන් වහන්සේ වන්දනාමාන කරගැනීමට කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේදී, සැදැහැවතුන්ට ලබා දී තිබූ අවස්ථාව අද උදෑසන අවසන් වුණා.

ඒ උදෑසන 06ටයි.

ඓතිහාසික දෙව්නිමෝරි පුදබිමෙන් සොයාගැණුනු බුදුන්වහන්සේගේ සර්වඥ ධාතූන් වහන්සේ වන්දනාමාන කරගැනීමට මෙරට සැදැහැවතුන්ට දින 07ක් අවස්ථාව ලබා දී තිබුණා.

ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ ඓතිහාසික දෙව්නිමෝරි පුදබිමෙන් මෙරටට වැඩම කරවූ බුදුරජාණන් වහන්සේගේ සර්වඥ ධාතුන් වහන්සේ වන්දනාමාන කරගැනීමේ දුර්ලභ අවස්ථාව සැහැදැවතුන්ට උදාවුණේ පෙබරවාරි 5 වැනිදා සිටයි.

මෙම ධාතූන් වහන්සේ ඉන්දියාවෙන් පිටතට වැඩම කරවූ පළමු අවස්ථාව ද මෙය වනවා. උතුම් සර්වඥ ධාතූන්වහන්සේ සියැසින් දැක වන්දනා කරගැනීමට දිවයිනේ නන්දෙසින් සැදැහැවතුන් රැසක් ගංගාරාම විහාරස්ථානයට පැමිණියා.

ධාතූන්වහන්සේ නැවත ඉන්දියාවට වැඩම කරවීම සඳහා ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් ආණ්ඩුකාර මංගුභායි පටෙල් මහතා සහ අරුණචාල් ප්‍රදේශ් නියෝජ්‍ය මහ ඇමති චෞනා මෙයින් මහතා ඇතුළු පිරිසක් ඉකුත් 09වනදා මෙරටට පැමිණියා.