Published
සිදු කරන විමර්ශන ශක්තිමත් කිරීම සඳහා ශ්‍රී ලංකා පොලිසියට අලුතින් නිලධාරින් 10,000ක් බඳවා ගැනීමට සැලසුම් කර ඇතැයි මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා පවසනවා.
එලෙස බඳවා ගන්නා නිලධාරින් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට අනියුක්ත කිරීමට නියමිත බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.
මේ වන විට දැඩි ආන්දෝලනයකට තුඩු දී ඇති පොලිස් කොමිසම සම්බන්දයෙන් ද නියෝජ්‍ය අමාත්‍යවරයාගෙන් නෙත් නිවුස් ප්‍රශ්න කළා.
මේ වන විට සිදුකර ඇති විමර්ශනවලදී මත්ද්‍රව්‍ය ජාලයට සම්බන්ධ දේශපාලඥයින් පිළිබඳ තොරතුරු හෙළි වී ඇතැයි නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා පැවසුවා.
මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා මෙම අදහස් පළ කළේ නෙත් නිවුස් සිව්වෙනි මානය වැඩසටහනට එක්වෙමින්. එහි සම්පූර්ණ වීඩියෝව නෙත් නිවුස් යූ ටියුබ් නාලිකාවට පිවිස නැරඹිය හැකියි.