මෙරට රබර් කර්මාන්තය ද අමෙරිකානු බදු හේතුවෙන් බලපෑමකට ලක්වේ දැයි නෙත් නිවුස් සොයා බැලීමක් සිදු කළා.

නෙත් නිවුස් කළ විමසීමකදී වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පැවසුවේ අමෙරිකාව විසින් පැනවූ නව බදු හේතුවෙන් මෙරට රබර් කර්මාන්තයට බලපෑමක් එල්ලවිය හැකි බවයි.

අමෙරිකාවට රබර් අපනයනය කරන මැලේසියාවට සහ වියට්නාමයට පැනවූ බදු ප්‍රතිශතයෙහි ශ්‍රී ලංකාවට වඩා අඩු තත්ත්වයක පැවතීම ද යම් අවාසිදායක තත්ත්වයක් බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

කෙසේවෙතත් කලාපයේ රබර් අපනයන කරන රටවලට ශ්‍රී ලංකාවට වඩා වැඩි බදු ප්‍රතිශතයක් පනවා තිබීම ශ්‍රී ලංකාවට වාසිදායක බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

දේශීය රබර් නිෂ්පාදනයෙන් සියයට 30ක් ශ්‍රී ලංකාව අපනයනය කරන්නේ අමෙරිකාවටයි.

ඒ හරහා ශ්‍රී ලංකාව උපයා ගන්නා මුදල, අමෙරිකානු ඩොලර් මිලියන 300කට ආසන්නයි.