ආපදා හේතුවෙන් බලපෑමට ලක්වූ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු යළි නඟා සිටුවීමේ අරමුණින් නෙත් එෆ් එම් රේඩියෝව ආරම්භ කළ “දිරිය නෙත් - නැණ සවිය” අධ්‍යාපනික වැඩසටහන අදත් සාර්ථකව ක්‍රියාත්මක වුණා.
ඒ, පස්වන දිනටයි. දිවයිනේ විවිධ ප්‍රදේශවල සංවිධාන සහ පරිත්‍යාගශීලී “දිරිය නෙත් - නැණ සවිය” වැඩසටහනට සිය දායකත්වය ලබාදීමට එක්ව සිටින්නේ මහත් උද්යෝගයකින් යුතුවයි.
බොහෝ පාර්ශවවලින් ලැබුණු ඉල්ලීම් සැලකිල්ලට ගෙන දිරිය නෙත් - නැණ සවිය” අධ්‍යාපනික වැඩසටහන සඳහා පරිත්‍යාග භාර ගැනීම ලබන සිකුරාදා දක්වා සිදු කෙරෙනවා.
කොල්ලුපිටියේ 05 වන පටුමගේ පිහිටි නෙත් එෆ් එම් රේඩියෝවේ ප්‍රධාන කාර්යාලයට සහ බම්බලපිටිය දුම්රිය ස්ථානයට ආසන්න ඕෂන් වීව් ගොඩනැගිල්ලේ පිහිටි නෙත් එෆ් එම් මෙහෙයුම් කාර්යාලය වෙත මෙම වැඩසටහන සඳහා පරිත්‍යාග භාර ගැනීම සිදු වනවා.
දිවයින පුරා පිහිටි සරසවි පොත්හල් සහ ඩී එස් අයි ප්රදර්ශනාගාර, බණ්ඩාරවෙල මධ්‍ය විද්‍යාලය සහ බණ්ඩාරවෙල ජේ එම් සී ජාත්‍යන්තර පාසලටද දිරිය නෙත් සමාජ සත්කාරක වැඩසටහන සඳහා පරිත්‍යාග භාර දිය හැකියි.




