අමෙරිකාවේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් තවත් රටවල් කිහිපයකට අමෙරිකානු සංචාරක තහනම් නිකුත් කර තිබෙනවා.
මෙලෙස සිරියාව ඇතුළු රටවල් හතක පුරවැසියන්ට සංචාරක තහනම් පනවා ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.
ඒ අනුව පූර්ණ හෝ අර්ධකාලින අමෙරිකානු සංචාරක තහනම්වලට ලක්ව ඇති රටවල් ගණන 39ක් දක්වා පුළුල් වී තිබෙනවා.
කෙසේවෙතත් අමෙරිකාවේ ආරක්ෂාව සඳහා මෙම තීරණය ගෙන ඇති බවයි ධවල මන්දිරය නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ.
අදාළ ප්‍රකාශයට අමෙරිකානු ජනාධිපතිවරයා අත්සන් තබා ඇති අතර ලබන වසරේ ජනවාරි පළමුවනදා සිට අදාළ නියෝගය බලාත්මක වන බවයි ධවල මන්දිරය පවසා ඇත්තේ.
අමෙරිකානු ජනාධිපතිවරයා විසින් මීට පෙරද අමෙරිකාවට ඇතුළුවීම තහනම් කරමින් රටවල් 12කට තහනම් නියෝග නිකුත් කර තිබෙනවා.
අර්ධකාලින සංචාරක සීමාවලට යටත් වූ ලාඕසය සහ සියෙරා ලියොන් රටවල් ද මෙම ප්‍රකාශය මගින් සම්පූර්ණ සංචාරක තහනම් ලැයිස්තුවට ඇතුළත්.
නයිජීරියාව, ටැන්සානියාව සහ සිම්බාබ්වේ ඇතුළු තවත් රටවල් 15කට අර්ධකාලීන සංචාරක සීමා නිකුත් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පැවසුවේ.




