පාර්ලිමේන්තුවේ අදත් තරමක උණුසුම් තත්ත්වයක් ඇති වුණා.

ඒ විපක්ෂයේ මන්ත්‍රීවරුන් සියලු දෙනා එකවර අසුන්වලින් නැගිට විවාදයක් ඉල්ලා සිටීමත් සමගයි.

එම විවාදය ඉල්ලා සිටියේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතායි.

පසුව සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා ඊට ප්‍රතිචාර දැක්වුවා.

සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා විසින් විපක්ෂයේ සිටින පණ්ඩිතයින් පිළිබඳ අදහස් පළ කිරීමත් සමග සභාවේ යම් උණුසුම් තත්ත්වයක් ඇති වුණා.

පසුව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ඊට මැදිහත් වූ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පණ්ඩිතයින්ගේ චෝදනාවටද පිළිතුරු ලබා දුන්නා.