මාර්ගයේ වැරදි මංතීරුවේ ගිය ගිලන්‍ රථය ත්‍රිරෝදරියක ගැටීමෙන් ඇතිවූ අනතුර හේතුවෙන් ත්‍රිරෝදරථ රියදුරු එම ස්ථානයේම ජීවිතක්ෂයට පත්ව ඇතැයි කුලියාපිටිය පොලිසිය පවසනවා.

පොලිසිය පවසන අන්දමට ඊයේ(18) පස්වරු 1 ට පමණ මෙම අනතුර සිදුව තිබූ අතර කුලියාපිටිය ශික්ෂණ රෝහලෙන් අසාධ්‍ය රෝගියෙකු වෛද්‍ය කාර්‍යමණඩලයක්ද සහිතව කුරුණෑගල රෝහලට රැගෙනයන අතරතුර ලබුයාය මංසන්ධිය අසල දී මෙම අනතුර සිදුව ඇති බවයි.

ඊට ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි ත්‍රිරෝද රථය අදාල රිය අනතුරු වළක්වා ගැනීමට උත්සහ කරන බවත් ආරක්ෂිත කැමරා දර්ශන අනුව පෙනී යන බවත් පැවසූ පොලිසිය ගිලන් රථය මාර්ගයේ වැරදි මං තීරුවේ ධාවනය කොට ත්‍රිරෝධ රථයේ ගැටීමෙන් පසුව දකුණු පස තිබූ තාප්පයක්ද කඩාගෙන ගොස් තිබූ බවත් එම දසුන් පරීක්ෂණයේදී අනාවරණය වූ බවත් පොලිසිය වැඩිදුරටත් සඳහන් කළා.

සිද්ධිය හේතුවෙන් ත්‍රිරෝදරියේ රියදුරු මියගොස් ඇතිබව පවසන පොලිසිය මරණකරු මාවනැල්ල ප්‍රදේශයේ පදිංචි කරුවෙකු වූ 49 හැවිරිදි ඒකනායක මුදියන්සේලාගේ රංජිත් ඒකනායක නැමැත්තෙකි.

මාවනැල්ල ප්‍රදේශයේ සිට පාවහන් අලවිය සඳහා පැමිනෙන්නෙකු බවද පොලිසිය අනාවරණය කරගෙන තිබෙනවා.

ගිලන්‍ රථයේ රියදුරු ඇතුළු කාර්‍යමණ්ඩලය ද අනතුර හේතුවෙන් තුවාල ලබා ඇතිබවත් ඔවුන් රැගෙනයමින් සිටි රෝගියා වෙනත් ගිලන් රියකින් රැගෙනගිය බවත් පැවසූ පොලිසිය අනතුරට හේතුව ගිලන්‍ රථ රියදුරුට නින්දයාමද නැතහොත් වෙනත් කරුණක්ද යන්න පරීක්ෂණ පවත්වන බවද පැවැසුවා.

කුලියාපිටිය මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක කමල් රත්නායක, රථවාහන ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක නලින් මහීපාල යන මහත්වරුන් ඇතුළු කණ්ඩායමක් වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනු ලබනවා.