Published
වර්තමානයේ මෙරට තුළ පරිභෝජනය කරමින් පවතින්නේ මීට පෙර ඉහළ මිලකට මිල දී ගත් ඉන්ධන බැවින්, එම මිල ගණන් යටතේ ආනයනය කළ ඉන්ධන තොග අවසන් වන තුරු මෙරට තුළ ඉන්ධන මිල පහත දැමීමට හැකියාවක් නොමැති බව මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත මහතා පවසනවා.
කෙසේවෙතත් වැඩි මිල ගණන්වලට ආනයනය කළ ඉන්ධන පරිභෝජනය කර අවසන් වූ පසු, මිල සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට හැකි වන බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ.
ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවකදී අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව පැහැදිලි කළා.




