Published
අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදය ලබන සිකුරාදා (24) පැවැත්වීමට තීරණය කර තිබෙනවා.
පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය සඳහන් කළේ, කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද (22) රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී මෙම තීරණය ගත් බවයි.
අධිකරණ අමාත්‍යවරයාට එරෙහිව විපක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් ඊයේ (21) දිනයේදී කථානායකවරයා වෙත මෙම විශ්වාසභංග යෝජනාව භාරදෙනු ලැබුවා.
ඒ අනුව ලබන සිකුරාදා පෙරවරු 11.30 සිට පස්වරු 5.30 දක්වා කාලය මෙම විශ්වාසභංග යෝජනාව විවාද කිරීම වෙනුවෙන් වෙන්කර තිබෙනවා.
එදින විවාදයට ගැනීමට නියමිතව තිබූ පෞද්ගලික මන්ත්‍රී යෝජනා ඉදිරි දිනයකදී විවාදයට ගැනීමටයි පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව වැඩිදුරටත් තීරණය කර ඇත්තේ.




