2027 අයවැය යෝජනාවලට විරෝධය පළ කරමින් ගුරු වෘතිය සමිති කිහිපයක් හෙට (නොවැම්බර් 30) දිනට සැලසුම් කර ඇති වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයට විරෝධය පළ කරමින් ගුරුවරුන් සහ තවත් පිරිසක් බගවන්තලාවේදී අද උද්ඝෝෂණයක නිරත වුණා.

බගවන්තලාව නගර මධ්‍යයේ සිට පෙළපාලියකින් පැමිණි ගුරුවරුන් සහ තවත් අය කියා සිටියේ නාධිපතිවරයා ප්‍රමුඛ වත්මන් රජය වතු කම්කරුවන් ඇතුළු රටේ සියලු පුරවැසියන්ට අයවැයෙන් සහන ලබා දී ඇති බවයි.

එසේ තිබියදී අයවැයට විරෝධය පළ කරමින් ගුරු වෘතිය සමිති කිහිපයක් සැලසුම් කර ඇති වෘතිය සමිති ක්‍රියාමාර්ගය සදාචාරාත්මක නොවන බවට ඔවුන් චෝදනා කළා.

හෙට දිනයේ සාමාන්‍ය පරිදි පාසල් පැවැත්වීමට කටයුතු කරන බවයි උද්ඝෝෂණයට එක් වූ ගුරුවරුන් කියා සිටියේ. ඒ නිසා සාමාන්‍ය පරිදි පාසල් පැමිණෙන්නයි ඔවුන් සිසුන්ගෙන් ද ඉල්ලීමක් කළා.