ප්‍රබල පාතාල කල්ලි සාමාජිකයන් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් රඳවා සිටින බන්ධනාගාර කිහිපයක ඉහළ නිලධාරින්ට මරණ තර්ජන එල්ල වී ඇතැයි බන්ධනාගාර ආරංචි මාර්ග අනාවරණ කරනවා.
ඩුබායි ඇතුළු විදෙස් රටවල් කිහිපයක සැඟව සිටින පාතාල නායකයින් එලෙස තර්ජනය කර ඇති බවයි නෙත් නිවුස් වෙත වාර්තා වුණේ.
වට්ස්ඇප් ඇතුළු විවිධ යෙදවුම් හරහා එලෙස මරණ තර්ජන එල්ල කර ඇති බවද වාර්තා වුණා.
අදාළ බන්ධනාගාරවල රඳවා සිටින සිය සමීපතමයන්ට හිරිහැර නොකරන ලෙසත් ඔවුන් වෙනත් බන්ධනාගාර වෙත මාරු නොකරන ලෙසටත් බන්ධනාගාර නිලධාරීන් වෙත මරණ තර්ජන එල්ල කර ඇති බවයි වැඩිදුරටත් වාර්තා වුණේ.
ඒ අනුව මරණ තර්ජනයට ලක්ව ඇති බන්ධනාගාර ඉහළ නිලධාරින්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ කඩිනම් අවධානය යොමු වී තිබෙනවා.
ඒ සම්බන්ධයෙන් ආරක්ෂක අංශය ද දැනුවත් කර ඇති බවයි බන්ධනාගාර ආරංචි මාර්ග වැඩිදුරටත් අනාවරණ කළේ.