Published
ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් මෙරටට රැගෙන ආ වියළි ඉඟුරු කිලෝ ග්රෑම් 570ක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.
ඒ, කල්පිටිය පොලිස් ස්ථානයේ නිලධාරින් විසින් ඒත්තාල, එරඹුගොඩැල්ල මුහුදු තීරයේ සිදුකල වැටලීමකදීයි.
එහිදී පොලිස් භාරයට ගත් වියළි ඉඟුරු තොගය පොලිතීන් මලු 19ක අසුරා වෙනත් ස්ථානයකට රැගෙන යාම සදහා සුදානම් කර තිබූ බවයි පොලීසිය පැවසුවේ.
එම ඉඟුරු තොගය මුහුදු මාර්ගයෙන් මෙරටට ගෙන ආ බව කියන කුඩා ප්රමාණයේ ඩිංගි බෝට්ටුවක් සහ බෝට්ටු ඇන්ජිමක්ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.
වැටලීම සිදු කරන අවස්ථාවේ අදාළ ස්ථානයේ සිටි සැකකරුවන් පලා ගොස් ඇති අතර එම සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා කල්පිටිය පොලීසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.