Published
පවතින වැසි සහ ආපදා සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදී ද අදහස් පළ වුණා.
ඒ, පවතින ආපදා තත්ත්වයන්ට මුහුණ දීම සඳහා රජයේ ඇති සූදානම පිළිබඳව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා ආණ්ඩු පක්ෂයෙන් ප්‍රශ්න කිරීමත් සමගයි.
ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ගයන්ත කරුණාතිලක මන්ත්‍රීවරයාගේ ප්‍රශ්නයට පිළිතුරු ලබා දුන්නේ මෙලෙසයි.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ද ඒ සම්බන්ධයෙන් අදහස් පළ කළා.




