Published
ඩ්‍රෝන යානා නියාමනය සඳහා අදියර කිහිපයක් යටතේ විධිමත් වැඩපිළිවෙළක් ආරම්භ කර ඇති බව සිවිල් ගුවන් සේවා අධිකාරිය පවසනවා.
එහි අධ්යක්ෂ ජනරාල් කපිතාන් දමින්ද රඹුක්වැල්ල මහතා සඳහන් කළේ වාණිජමය වටිනාකමක් සහිත සියලු ඩ්‍රෝන යානා ලියාපදිංචි කළ යුතු බවයි.
කැමරාවක් සහිත සෑම ඩ්‍රෝන යානාවක්ම නියාමනය කළ යුතු බවද සිවිල් ගුවන් සේවා අධිකාරිය පවසනවා.
එහි අධ්යක්ෂ ජනරාල් කපිතාන් දමින්ද රඹුක්වැල්ල මහතා වැඩිදුරටත් පැවසුවා.




