අනුරාධපුර පූජා භූමි සංවර්ධන සැලැස්ම පිළිබඳ නැවත සමාලෝචනයක් සිදු කර, නව යෝජනාද ඇතුළත් කර ගනිමින් ව්‍යාපෘතියේ කටයුතු මේ වසර තුළදීම ආරම්භ කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා උපදෙස් දී තිබෙනවා.
අනනවශ්ය ලෙස කටයුතු ඇදී යාමට ඉඩ නොදී, අදාළ සැලැස්ම ලබන මස 8 වනදා අනුරාධපුර පූජා භූමි සංවර්ධන කමිටුවට ඉදිරිපත් කර, ලබන මස 15 වනදා වන විට ව්‍යාපෘතියේ සම්පූර්ණ සවිස්තරාත්මක සැලැස්ම සකස් කර අවසන් කරන ලෙසයි ජනාධිපතිවරයා ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල්වරයාට උපදෙස් දුන්නේ.
ඊයේ (29) පස්වරුවේ අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මේ බව පැවසුවා.
පූජා නගරය තුළ වාහන තදබදය අඩු කර පරිසර සංවේදී කලාපයක් ලෙස සංවර්ධනය කිරීමත්, වන්දනාකරුවන්ට පහසු පරිසර හිතකාමී ප්‍රවාහන පද්ධතියක් සකස් කිරීමත් මෙහි ප්‍රධාන අරමුණයි. ඒ අනුව ඩීසල් වාහන සීමා කර, විද්‍යුත් බස් රථ යොදා ගනිමින් ක්‍රමවත් ප්‍රවාහන සේවාවක් නගර සභාව හරහා පවත්වාගෙන යාමට තීරණය කර තිබෙනවා.
එමෙන්ම පාගමනින් යන බැතිමතුන් සහ පාපැදි භාවිත කරන අය සඳහා වෙනම මංතීරු සකස් කිරීමටත්, දුම්රියෙන් සහ බස් රථවලින් පැමිණෙන ජනතාව වෙනුවෙන් විවේක ස්ථාන ඉදිකිරීමටත් සාකච්ඡා වුණා.
ඉන්දීය රජයේ දායකත්වය යටතේ රුපියල් බිලියන 6.5ක් දක්වා වැඩිදියුණු කෙරෙන මෙම ව්‍යාපෘතිය මඟින්, දැනට පවතින වර්ග කිලෝමීටර 28ක පූජා භූමි සීමාව වර්ග කිලෝමීටර 38ක් දක්වා පුළුල් කිරීමට නියමිතයි.
මීට අමතරව, ඇතුල් නුවර පදිංචි පවුල් 331ක් ලෝලුගස්වැව ප්‍රදේශයේ නැවත පදිංචි කිරීම සහ ඔවුන්ට නිවාස, ඉඩම් හෝ සාධාරණ වන්දි ලබා දීම පිළිබඳවද මෙහිදී විශේෂ අවධානය යොමු කෙරුණා.





