මහවැලි ගඟෙහි ඉහළ ධාරා ප්‍රදේශවලට ලැබුණු අධික වර්ෂාපතනය හේතුවෙන් ඉදිරි පැය 24 ඇතුළත මහවැලි ගඟ ද්‍රෝණියේ පහත්බිම් ප්‍රදේශ කිහිපයක ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.

​ඒ අනුව උඩුනුවර, උඩපළාත, යටිනුවර, ගඟඉහළ කෝරළය, පස්බාගේ කෝරළය සහ ගඟවට කෝරළය යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල මහවැලි ගඟ ආශ්‍රිත පහත්බිම්වල පදිංචි මහජනතාවගෙන් දැඩි විමසිල්ලෙන් පසුවන ලෙසයි ඉල්ලා සිටින්නේ.

​හෙට (04) මධ්‍යම රාත්‍රී 12.30 දක්වා බලපැවැත්වෙන පරිදි මෙම පූර්ව ගංවතුර පිලිබද  ඇම්බර් නිවේදනය නිකුත් කර තිබෙනවා.

​ඉදිරියේදී තවදුරටත් වැසි ලැබිය හැකි බැවින්, සිදුවිය හැකි ගංවතුර තත්ත්වයන්ගෙන් ආරක්ෂාවීමට අවශ්‍ය පූර්ව ආරක්ෂිත පියවර ගන්නා ලෙස ද වාරිමාර්ග දෙපාර්තමේන්තුව ජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටිනවා.