පහළ කඩුගන්නාව ප්‍රදේශයෙන් වසා දැමූ කොළඹ - මහනුවර මාර්ගය යළි විවෘත කිරීම සම්බන්ධයෙන් තවමත් නිශ්චිත තීරණයක් ගෙන නොමැති බව පොලිසිය පවසනවා.

වාහන ගමනාගමනය සඳහා විවෘත කර තිබූ මෙම මාර්ගය නැවත දැනුම් දෙනතුරු ඊයේ සිට වසා දැමුණා.

ඒ, කඩුගන්නාව දුර්ගයේ ඉහළ කඳු ගැටවල අවදානම් ලෙස රැඳී ඇති විශාල ගල් රසායනික ද්‍රව්‍ය යොදා පිපිරවීම හේතුවෙන්.

එම ගල් පුපුරවා හැරීමෙන් පසු ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නිලධාරීන් නිරීක්‍ෂණය කිරීමෙන් අනතුරුව මාර්ගය විවෘත කිරීම පිළිබඳ අවසන් තීරණය ගන්නා බවයි පොලිසිය පැවසුවේ.