Published
දියතලාවේ දුම්රිය ස්ථානය ආසන්නයේදි අද අළුයම ලංගම බස් රථයක් පෙරළිමෙන් තුවාල ලැබූ 43 දෙනෙකු තවදුරටත් රෝහල් ගතව නේවාසිකව ප්‍රතිකාර ලබනවා.
ඔවුන් සියළු දෙනා පළමුව ඇතුළත් කෙරුණේ දියතලාව මූලික රෝහල වෙතයි.
ඉන් අනතුරුව බරපතල තත්ත්වයේ පසු වූ කිහිප දෙනෙකු බදුල්ල ශික්ෂණ රෝහල වෙත මාරු කෙරුණු බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.
කොළඹ සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ එම ලංගම බස් රථය අනතුරට ලක් වුණේ අද අලුයම එකට පමණයි.
අනතුර සිදුවන අවස්ථාවේ බස් රථය තුළ මගීන් 63 දෙනෙකු රැදී සිට තිබෙනවා.
එම අනතුර හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය දියතලාව දුම්රිය ස්ථානය අසලින් අවහිර වී තිබුණා.
කෙසේවෙතත් එම අවහිරතා ඉවත් කර ඇති බවත් දුම්රිය ධාවනය සාමාන්‍ය පරිදි දැන් සිදුවන බවත් නෙත් නිවුස් වාර්තාකරු වැඩිදුරටත් පැවසුවා.




