සංවිධානාත්මක අපරාධ වැළැක්වීම සඳහා යෝජිත නව කෙටුම්පතෙහි ඇතැම් විධිවිධාන බරපතල ලෙස සැක සහිත බව නීතිඥ චානක අබේවික්‍රම මහතා පවසනවා.

මෙම කෙටුම්පත නීතියක් ලෙස සම්මත කළහොත් කිසියම් පුද්ගලයෙකු පොලීසිය හමුවේ කරන ප්‍රකාශනයක් අධිකරණයේදී කිසිදු විමර්ශනයක් නොමැතිව එලෙසින්ම සාක්ෂියක් ලෙස පිළිගැනීමට හැකිවන බවයි ඔහු පෙන්වා දෙන්නේ.

Neth News YouTube නාලිකාව වෙනුවෙන් ඩිල්ෂාන් සඳකැකුළු මඩවල සමග වයිරල් ටෝක් විශේෂාංගයට එක්වීමෙන් ඔහු මෙම කරුණු පෙන්වා දුන්නා.