Published
කිමිදී විසිතුරු මසුන් අල්ලන ධීවරයෙක් ගල් දෙකක් අතර හිරවීම නිසා මරණයට පත්වී තිබෙනවා.
අද නාවික හමුදා කිමිදුම් කණ්ඩායම පැමිණ එම ධීවරයාගේ සිරුර ගොඩට ගනු ලැබුවා.
ඊයේ රාත්රී එකොළහයි තිහට පමණ වැල්ලවත්ත ප්රදේශයෙන් ඔහු කිමිදී මසුන් ඇල්ලීම ආරම්භ කොට තිබෙනවා.
පසුව ඔහු නිවසට නොපැමිණීම නිසා ඥාතීන් විසින් සොයා ඇති අතර පසුව බම්බලපිටියට ආසන්න මුහුදේ ගලක සිරවී මරණයට පත් වී තිබෙන බව සොයා ගෙන තිබෙනවා.
පසුව නාවික හමුදාවේ කිමිදුම් කණ්ඩායම් පැමිණ අද දහවල් දෙකට පමණ එම සිරුර ගොඩ ගනු ලැබුවා.
මියගිය පුද්ගලයා වයස විසි හයක් වන අතර ඔහු වැල්ලවත්ත ප්රදේශයේ පදිංචිකරුවෙක් වනවා.





