Published
මෙම වසරේ පළමු මාස 09 තුළ අනුමත ව්‍යාපෘතීන් හරහා සෘජු විදේශ ආයෝජන ගලා ඒම අමෙරිකානු ඩොලර් මිලියන 827ක් දක්වා වර්ධනය වී ඇති බව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය පවසනවා.
එය 2024 වසරේ අනුරූප කාල පරිච්ඡේදය හා සසඳන විට සියයට 138ක වැඩිවීමක් බවයි ශ්‍රී ලංකා අයෝජන මණ්ඩලය නිවේදනය කළේ.
මෙම ආයෝජන ගලා ඒම සැලකීමේදී කොටස් ප්රාග්ධනය ලෙස අමෙරිකානු ඩොලර් මිලියන 133ක්, නැවත ආයෝජනය කරන ලද රඳවාගත් ඉපයීම් අමෙරිකානු ඩොලර් මිලියන 158ක් සහ ආයෝජන සඳහා අන්තර් සමාගම් විදේශීය ණය ගැනීම් අමෙරිකානු ඩොලර් මිලියන 231ක් වන බවයි ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සඳහන් කළේ.
ඊට අමතරව ආයෝජන සඳහා දිගු කාලීන විදේශ වාණිජ ණය අමෙරිකානු ඩොලර් මිලියන 331ක මුදලක් පළමු මාස 09 තුළ ලැබුණු සෘජු විදේශ අතර වන බව
මෙම වසරේදී අත්අසන් තබන ලද ව්‍යාපෘති ගිවිසුම් හරහා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කළා.




