පකිස්ථානයේදී පැවැත්වෙන තුන්කොන් විස්සයි විස්ස ක්‍රිකට් තරඟයේ ශ්‍රී ලංකාවට තවත් තීරණාත්මක තරඟයක් අද පැවැත්වෙනවා.

ඒ, සත්කාරක පකිස්ථාන කණ්ඩායම සමගයි.

මෙම තරඟය ශ්‍රී ලංකා කණ්ඩායම ජයගතහොත් තරඟාවලියේ අවසන් මහා තරඟයට සුදුසුකම් ලබනවා.

ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ යන කණ්ඩායම් දෙකම මේ වන විට ප්‍රසාද ලකුණු දෙක බැගින් ලබාගෙන සිටින අතර මෙම තරඟයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත් වුවහොත් මෙම කණ්ඩායම් දෙක අතරින් අවසන් මහා තරඟයට සුදුසුකම් ලබන කණ්ඩායම දල ලකුණු වේගය මත තීරණය වනු ඇති.

මේ අතර ශ්‍රී ලංකා කණ්ඩායම පසුගිය කාලයේදී අඛණ්ඩව තරඟ පරාජයට පත්වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු සනත් ජයසූරිය මෙලෙස අදහස් පළ කළා.