Published
සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පූර්ව දැනුවත් භාවයකින් සිට ඇති බවට කරුණු අනාවරණ වී ඇතැයි මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.
පාස්කු ප්‍රහාරය සිදුවන අවස්ථාව වන විට රක්ෂිත බන්ධනාගාර ගතව සිටි පිල්ලෙයාන් රක්ෂිත බන්ධනාගාර ගතව සිටි හමුදා බුද්ධි සාමාජිකයන් සමග සමීපව කටයුතු කර ඇති බවද අනාවරණය වී ඇති බවයි අමාත්‍යවරයා කියා සිටියේ.
පාස්කු ප්‍රහාරයේ විමර්ශන සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දැක්වූ මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ද එහිදී අදහස් පළ කළා.
අධිකරණ සහ ජාතික ඒකබද්ධතා අමාත්‍ය නීතීඥ හර්ෂණ නානායක්කාර මහතා ද එහිදී අදහස් පළ කළා.