ආපදා හේතුවෙන් පීඩාවට පත්වූ ජනතාවගේ මානසික සෞඛ්‍ය සංවර්ධනය වෙනුවෙන්ද වැඩසටහන් ක්‍රියාත්මක කළ යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

ආපදා හේතුවෙන් පීඩාවට පත් බදුල්ල දිස්ත්‍රික්කයේ ජන ජීවිතය සාමාන්‍ය තත්ත්වයට පත් කිරීම සහ අත්‍යවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය වෙනුවෙන් ගෙනයන වැඩපිළිවෙළ පිළිබඳ සොයා බැලීම සඳහා ඌව පළාත් පුස්ථකාල ශ්‍රවණාගාරයේදී පැවති දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමට එක් වෙමින් ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළා.

ආපදාවලින් පීඩාවට පත්වූ ජනතාවට සහන සැලසීම සඳහා ඉදිරිපත් කර ඇති වැඩපිළිවෙළ සම්බන්ධයෙන්ද ජනාධිපතිවරයා එහිදී කරුණු දැක්වුවා.

බදුල්ල දිස්ත්‍රික්කයේ ජල සම්පාදන කටයුතුවල වර්තමාන තත්ත්වය සම්බන්ධයෙන්ද ජනාධිපතිවරයා එහිදී කරුණු විමසුවා.