තංගල්ල ප්‍රදේශයේදී ලොරි රථයක තිබී හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සොයාගෙන තිබෙනවා.

පොලීසිය පැවසුවේ එම ලොරි රථයේ තිබූ මත්ද්‍රව්‍ය ප්‍රමාණය කිලෝ ග්‍රෑම් 200කට අධික බවයි.

එමෙන්ම නවීන ගිනි අවි 04ක්ද ලොරි රථයේ තිබී සොයාගෙන තිබෙනවා.

ධාවනය වෙමින් තිබූ අදාළ ලොරි රථය නතර කර සිදු කළ පරික්‍ෂාවකදී එම මත්ද්‍රව්‍ය තොගය සහ ගිනි අවි සොයා ගත් බවයි පොලීසිය පැවසුවේ.