ගාසා නගරය අත්පත් කර ගැනීම සැලසුම් ඊශ්‍රායල ආරක්ෂක කැබිනට් මණ්ඩලය විසින් අනුමත කර ඇති බව ඊශ්‍රායල අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කර තිබෙනවා. ඒ, ගාසා නගරය අත්පත් කර ගැනීම සඳහා අනුමත කරන ලද සැලසුම් සහ යුද්ධය අවසන් කිරීම සඳහා මූලධර්ම පහක් විස්තර කරමින්. එය කැබිනට් මණ්ඩලය බහුතර ඡන්දයෙන් සම්මත කර ඇති බවයි එහි සඳහන් වන්නේ. සටන් කලාපවලින් පිටත සිවිල් ජනතාවට මානුෂීය ආධාර ලබාදෙන අතරම ගාසා නගරය පාලනය කිරීමට සූදානම් බවයි ඊශ්‍රායල අග්‍රාමාත්‍ය කාර්යාලය පවසන්නේ. ඊට අමතරව හමාස් නිරායුධකරණය, ජීවත්ව සිටින සහ මියගිය සියලුම ප්‍රාණ ඇපකරුවන් ආපසු ලබාදීම, ගාසා තීරය හමුදාකරණයෙන් ඉවත් කිරීම, ගාසා තීරයේ ඊශ්‍රායල ආරක්ෂක පාලනය සහ හමාස් හෝ පලස්තීන අධිකාරිය නොවන විකල්ප සිවිල් රජයක පැවැත්ම වෙනුවෙන් ද ඊශ්‍රායලය කටයුතු කරන බව එම නිවේදනයේ සඳහන්. කෙසේවෙතත් එක්සත් ජාතීන්ගේ සංවිධානය අනතුරු අඟවා ඇත්තේ ඊශ්‍රායලය හමුදා මෙහෙයුම් පුළුල් කිරීම පලස්තීන සිවිල් වැසියන්ට සහ ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන්ට ව්‍යවසනකාරී ප්‍රතිවිපාක අවදානමට ලක් කරන බවයි.
Published