රතු මුහුදේ සමුද්‍ර ගමනාගමනය ආරක්ෂා කිරීම සඳහා යුරෝපා සංගමය විසින් මෙහෙයවන ලද මෙහෙයුමකට සහභාගී වූ ජර්මානු ගුවන් යානයකට චීන හමුදාව ලේසර් ප්‍රහාරයක් එල්ල කළ බවට ජර්මානු රජය චෝදනා කරනවා.

ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක් සිදු කරමින් ජරමනියේ විදේශ අමාත්‍යංශය පැවසුවේ ජර්මානු නිලධාරීන් අනතුරේ හෙළීම සහ මෙහෙයුම කඩාකප්පල් කිරීම සම්පූර්ණයෙන්ම පිළිගත නොහැකි ක්‍රියාවක් බවයි.

එමෙන්ම මේ පිළිබඳ සාකච්ඡා සඳහා ජර්මානු විදේශ අමාත්‍යංශය එරට සිටින චීන තානාපතිවරයා ද කැඳවා තිබේ.

යුරෝපීය සංගමයේ Aspides මෙහෙයුමට සහභාගී වෙමින් සිටියදී ජර්මානු ගුවන් යානය රතු මුහුදට ඉහළින් පියාසර කරමින් තිබියදී සාමාන්‍ය මෙහෙයුමක් අතරතුර චීනය විසින් ඉලක්ක කර ඇති බව‍ ජර්මානු ආරක්ෂක අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙක් පැවසීය.