Published
ජපානයේ රික්ටර් මාපකයේ 7.6ක ප්‍රබල භූකම්පනයක් හටගෙන තිබෙනවා.
එම භූකම්පනය ජපානයේ උතුරු හා නැගෙනහිර ප්‍රදේශවල ඇති වූ අතර, හොක්කයිඩෝ, අමෝරි සහ ඉවාටේ ප්‍රාන්ත සඳහා සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ
ඒ අනුව ජපානයේ ඊසානදිග වෙරළ තීරයට මීටර් තුනක් උස සුනාමි රල ඇති විය හැකි බවද ජපාන කාලගුණ විද්‍යා ඒජන්සිය අනතුරු අඟවා තිබෙනවා.
භූමිකම්පාවේ අපිකේන්ද්‍රය අමෝරි ප්‍රාන්තයේ වෙරළට කිලෝමීටර 80ක් ඔබ්බෙන්, කිලෝමීටර 50ක් ගැඹුරින් සිදු වූ බවයි ජපාන කාලගුණ විද්‍යා ඒජන්සිය සඳහන් කර සිටියේ




