වෙනිසියුලාවේ අන්තර්වාර ජනාධිපතිනිය ලෙස එරට උප ජනාධිපතිනී ඩෙල්සි රොඩ්රිගස් අද අලුයම දිවුරුම් දී පැය කිහිපයකට පසුව වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.
මධ්‍යම කැරකස් හි මිරාෆ්ලෝර්ස් මාලිගයට ඉහළින් හඳුනා නොගත් ඩ්‍රෝන යානා පියාසර කළ අතර, රාත්‍රී 8 ට පමණ ආරක්ෂක අංශ වෙඩි තබා තිබෙනවා.
රජයට සමීප ආරංචි මාර්ගයක් පැවසුවේ තත්වය පාලනය කර ඇති බවයි.
මෙම ප්‍රහාරය ඇසින් දුටුවන් පවසා ඇත්තේ, අහසේ රතු එළි දුටු බවත්, අහසට එල්ල කරන ලද ප්‍රහාර ට්‍රේසර් උණ්ඩ මෙන් දිස්වූ බවයි.
තවද වෙඩි ප්‍රහාරයෙන් පසු ආරක්ෂක හමුදා සාමාජිකයින් බොහෝදෙනෙක් මාළිගය දෙසට දිව යන අයුරුද දැකගත හැකි වූ බවත් ඇසින් දුටුවන් පවසා සිටියේ.
ජනාධිපති මදුරෝ අමෙරිකාවට රැගෙන ඒමෙන් පසුව අරාජික වූ වෙනිසියුලාවේ අන්තර්වාර ජනාධිපතිවරයා ලෙස පත්ව ඇත්තේ උප ජනාධිපති ඩෙල්සි රොඩ්රිගස් ය.
සමාජ මාධ්‍ය සටහනක් තබමින් ඇය පවසා තිබුණේ තමන් අමෙරිකාව සමඟ දිගුකාලීන සහයෝගීතාවෙන් යුතුව ඉදිරි කටයුතු මෙහෙයවීමට අපේක්ෂා කරන බවයි.




