පරිසරයට මෙන්ම සමාජයටද ආදරය කරන, එකිනෙකා ගැන සහකම්පනයක් ඇති ව්‍යවසායකයන් රටට අවශ්‍ය බව අග්‍රාමාත්‍ය, අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පවසනවා.

ඒ අනුව නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හරහා ඒ සම්බන්ධයෙන් කටයුතු කෙරෙන බවයි අධ්‍යාපන අමාත්‍යංශයේ පැවති වැඩසටහනකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරිය පැවසුවේ.

කෙසේවෙතත් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ දේශප්‍රේමී භික්ෂු පෙරමුණේ අනුශාසක පූජ්‍ය බෙංගමුවේ නාලක හිමියන් දැක්වූයේ මෙවන් අදහසක්.