ඩුබායි සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත අද(05) උදෑසන පැමිණි සංක්‍රමණික ගුවන් මගී කාන්තාවකට ගුවන් තොටුපොළ තුළ දී දරු ප්‍රසූතියක් සිදු වී තිබෙනවා.
ඇය 29 හැවිරිදි ටැන්සානියානු ජාතික කාන්තාවක් වනවා.
ඇය අද(05) උදෑසන 06.30 ට ඩුබායි සිට ෆිට්ස් එයාර් ගුවන් සේවයේ 8 ඩී. - 822 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ යළිත් මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර වෙත පිටත්ව යාම සදහා කටුනායක ගුවන් තොටුපොළ සංක්‍රමණික ගුවන් මගී පර්යන්තයේ රැදී සිට තිබෙනවා.
එහිදී ඇයට දරු ප්‍රසූතිය සදහා පූර්ව ලක්ෂණ සහිත ප්‍රසව වේදනා ඇති වීමත් සමගම, ඇය වහාම කටුනායක ගුවන් තොටුපොළ වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත යොමු කර තිබෙනවා.
එහිදී එම වෛද්‍යවරුන් සහ හෙදියන්ගේ සහාය මත ඇය පිරිමි දරුවෙකු ප්‍රසූත කර තිබෙන බවයි වාර්තා වන්නේ.
ඉන්පසු එම මව සහ දරුවා වැඩිදුර ප්‍රතිකාර සදහා මීගමුව මහ රෝහල වෙත කටුනායක ගුවන් තොටුපොළ ගිලන් රථයක් මගින් යොමු කිරීමට පියවර ගෙන තිබුණා.




