Published
                
                 
                
            අක්මීමණ. ආනන්ගොඩ ප්‍රදේශයේ නිවසකට වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.
පොලීසිය පැවසුවේ අද අලුයම 5 ට පමණ එම වෙඩි ප්‍රහාරය එල්ල වී ඇති බවයි.
කෙසේවෙතත් එම වෙඩි ප්‍රහාරයෙන් නිවසේ සිටි කිසිවෙකු තුවාල සිදුව නැහැ.
නිවැසියන් බිය ගැන්වීම සදහා එම වෙඩි ප්‍රහාරය එල්ල කරන්නට ඇති බවටයි පොලීසිය සැකකරන්නේ.
වෙඩි ප්‍රහාරය එල්ල කළ පුද්ගලයන්ද මෙතෙක් හදුනා ගෙන නැහැ. සැකකරුවන් සොයා අක්මීමණ පොලීසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.




